BREAKING NEWS
Search

ප්‍රේමයට බැහැ කියූ අක්කාට 17 හැවිරිදි මල්ලි සිදු කල ඇග හිරිවැටෙන අපරාධය ගැන සියල්ල වමාරයි

2452
කුරුවිට – දෙවිපහළ ප්‍රදේශයේදී 26 හැවිරිදි තරුණිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සැකකරු පොලිසියට පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා.

එම තරුණිය සම්බන්ධයෙන් තමා කලක පටන් දැඩි ආශාවකින් පසුවූ බවත් ඇය දිගින් දිගටම තමාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙලෙස ඝාතනය කළ බවටත් සැකකරු පාපොච්චාරණය කළ බවයි පොලිසිය සඳහන් කළේ.

කුරුවිට දෙවිපහළ ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි ශානිකා මධුෂානි නම් තරුණිය රැකියාවට ගොස් නැවත එමින් සිටියදී ඝාතනයට ලක්ව තිබුණේ පසුගිය 02 වැනිදායි.

ඇගේ සිරුර ඇය ගමන්ගත් මාර්ගයේ කැළෑබද ප්‍රදේශයේ තිබියදී හමු වූ අතර ඇගේ ගෙල කපා ඝාතනය කර තිබූ බව පොලිසිය පැවසුවා.

එමෙන්ම තරුණියගේ රන්මාලය, ජංගම දුරකථනය හා අත් බෑගය ද පැහැර ගෙන ගොස් තිබුණා.

අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සැකකරු අධිකරණ නියෝග මත ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කළ බවයි පොලිසිය සඳහන් කළේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *