BREAKING NEWS
Search

ඇගේ හැසිරීම ගැන එතන සිටි පිරිසට සැක හිතිලා.. සියල්ලන්ගේම ඇස් වසා නිල ඇඳුම මාරු කරගත් සිසුවියක් ඒ සැරසුනේ මොනවටද?

24028
ඇය එදාත් නිවසින් එන්නට ඇත්තේ පාසල් යනවා කියා වෙන්නට ඇති..

ඒත් වෙලා තියෙන්නේ හිතාගන්නවත් බැරි තරමේ වෙනස්ම සිද්ධියක්..

ඒත් ඔවුන්ගේ මේ සූක්ෂම සැලැස්ම ගම්වාසීන්ගේ ඇස්වලින් නම් වසන් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.. මේ පුවත වාර්තා වෙන්නේ වඳුරඹ ප්‍රදේශයෙන්…

පාසල් ශිෂ්‍යාවක පාසල් යාමට නිල ඇඳුමින් නිවසේ සිට පැමිණ වඳුරඹ පොදු වැසිකිළියට ගොස් නිල ඇඳුම් ගලවා සිවිල් ඇඳුමකින් සැරසී ඇයගේ පෙම්වතා යැයි පැවසෙන තරුණයකු සමග පැන යාමට සුදානම් වී තිබෙනවා…

එම අවස්ථාවේදී එය දුටු ප්‍රදේශවාසින් විසින් කාන්තා පොලිස් නිලධාරිනියකගේ සහාය ඇතිව සිසුවිය හා පෙම්වතා අල්ලා පොලිසියට භාර දී ඇති බවයි වඳුරඹ පොලිසිය පවසන්නේ…

මෙම සිසුවියගේ ක්‍රියාකලාපය අවට සිටි පිරිස විසින් දැක රාජකාරි සඳහා පොලිසිය වෙත ගමන් කරමින් සිටි කාන්තා පොලිස් නිලධාරිනියකට දැන්වීමේන් පසු එම නිලධාරිනිය සිවිල් ජනයාගේ ද සහාය ඇතිව එම පාසල් ශිෂ්‍යාව හා පෙම්වතා යැයි පැවසූ අය පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබුණා..

මෙසේ පොලිස් අත්අඩංගුවට පත්වී ඇත්තේ අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාව හා වඳුරඹ හෝටලයක සේවය කරන තරුණයකු බව පොලිසිය පවසනවා..

පසුව වඳුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. සී. අයි. ක්‍රිෂාන්ත මහතා ප්‍රමුඛ නිලධාරීන් මෙම ශිෂ්‍යාවට හා එම තරුණයාට අවවාද කර ඔවුන්ගේ දෙමාපියන් කැඳවා දෙමාපියන්ට ද අවවාද කර දරුවන් භාරදී ඇති තර, බාල වයස්කාර දැරිවියකට සිදුවීමට ගිය බරපතල අපරාධයක් වඳුරඹ බස් නැවතුම්පොළෙහි රාජකාරි කළ වේලා සටහන් කරන නිලධාරී, ජනතාව හා තම කාන්තා පොලිස් නිලධාරීනිය කාලෝචිත ක්‍රියාත්මක වීම හා අවධානය යොමුකිරීම නිසා වැළකී ඇති බැව් පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *