තංගල්ල පරවිවැල්ල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් අතුරුදන්ව සිටි අනෙක් ධීවරයාගේ සිරුරත් මේ වනවිට සොයාගෙන තිබේ.
ඔහු 49 හැවිරිදි තිදරු පියෙකු වන චමින්ද රුවන් ජානක නමැති තංගල්ලේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.
කලමැටිය ධීවර වරායේ අසල මුහුදේ තිබී සිරුර සොයාගෙන ඇත.
ඒ අනුව අද (01) පස්වරුවේ සිරුර තංගල්ල ධීවර වරාය වෙත රැගෙනවිත් තිබුණි.
ධීවරයින් 6 දෙනෙකු රැගත් “මැක්සිම් පුතා 1 “ නැමැති එම යාත්‍රාව ධීවර කටයුතු සඳහා ගොස් යළි ගොඩබිමට පැමිණෙමින් තිබියදී අනතුරට ලක්විය.
අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ ධීවරයින් 6 දෙනෙකු සිට තිබු අතර ඉන් සිව්දෙනෙකු ඩිංගි බෝට්ටුවක් ආධාරයෙන් දිවි බේරාගෙන තිබුණි.
ඉකුත් 29 වනදා ගුවන් හමුදාවේ ද සහාය ඇතිව නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී එක් ධීවරයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබුණි.



















