BREAKING NEWS
Search

මහ මුහුදේ සැඟව ගිය ඔවුන්ගේ ජීවිත.. ධීවරයින් 6ක් අතුරුදන් කරමින් මහ මුහුදේදී පෙරළී ගිය යාත්‍රා..

531
බස්නාහිර සහ දකුනු මුහුදේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවක් හා එක්දික ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වී ධීවරයින් 06 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා..

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වූ බහුදින ධීවර යාත්‍රාවත් හා කළුතර ප්‍රදේශයෙන් මුහුදු ගිය කුඩා ධීවර යාත්‍රාවක් වන අතර අනතුරට පත් ධීවරයින් සොයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ Y12 ගුවන් යානයක් හා බෙල් 412 හෙළිකොප්ටර් යානයක්ද අදාළ මුහුදු සීමාවට පිටත් කර තිබෙනවා..

මේ අන්න ඒ ප්‍රවෘත්තිය ගැන දැන් ඇසුණු විශේෂ ආරංචියක්..

මාතර දෙවුන්දර ධීවර වරායවලින් මුහුදු ගොස් අතුරුදන්ව සිටි ධීවරයින් 4 දෙනාගෙන්, තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

සිද්ධියෙන් තවත් අයෙකු අතුරුදන් අතර ඔහු සොයා නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙහෙයුම් දියත් කර තිබෙනවා.

දෙවුන්දර වරායෙන් ඊයේ ධීවරයින් පස්දෙනෙකු සමග මුහුදු ගිය යාත්‍රාවක් වාණිජ නෞකාවක ගැටී අනතුරට ලක්ව තිබුණා.

එහිදී යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකු මුදාගෙන ඇති අතර අනෙක් ධීවරයින් හතර දෙනා අතුරුදන්ව තිබුණා.

ගොඩබිම සිට සැතපුම් 20 කට ආසන්න මුහුදේ මෙම අනතුර සිදුව තිබෙනවා.

මේ අතර කලුතර, බේරුවල, මොරගල්ල ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රාවක් පෙරළී යාමෙන් අතුරුදන් වූ ධීවරයින් සෙවීමේ කටයුතු තවමත් ක්‍රියාත්මකයි..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *