BREAKING NEWS
Search

කැනඩාවෙන් ආ ස්පීකරය තුලින් මතුවූ මිලියන 50ක් වටිනා දේ

437

රුපියල් මිලියන 50ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සොයාගෙන තිබේ.

අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ කැනඩාවෙන් ආනයනය කරන ලද ස්පීකරයක සූක්ෂම ලෙස සඟවා මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ බවය.

ඒ අනුව කැනඩාවේ සිට අධිවේගී කුරියර් සේවාවක් හරහා මෙරටට පැමිණ ඇති අතර එහි හිමිකාරිත්වයක්ද සටහන් වී නොමැති බවද ශ්‍රී ලංකා රේගුව පැවසීය.

පසුගිය ජනවාරි 09 වැනි දින මත්ද්‍රව්‍ය සඟවා ඇති බවට ලද සැකයක් හේතුවෙන් මෙම ස්පීකරය ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සිය භාරයට ගෙන ඇති අතර නමුත් එය දීර්ඝ කාලයක් හිමිකාරිත්වයක් නොමැතිව පැවතීම නිසා පසුගිය පසුගිය 25 වැනි දින රේගු නිලධාරීන් විසින් පරික්ෂා කරන ලදි.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ ශ්‍රී ලංකා පොලීසියේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් මෙම ස්පීකරය විවෘත කර පරීක්ෂා කර ඇති අතර එහිදී මෙය තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 17ක්, කුෂ් ග්‍රෑම් 862ක් සමගින් පැකට් 9ක් සහ හෂීස් ග්‍රෑම් 4,014 (පැකට් 8ක්) සොයාගෙන ඇති අතර එහි වීදි වටිනාකම රුපියල් මිලියන 50ක් බවත් අනාවරණය කරගෙන තිබේ.

සොයාගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණද ක්‍රියාත්මකය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *