Search

ආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහාය

133

ආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහාය පළ වේ. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ උසස් අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස නඟාසිටුවීමට ඇති හැකියාව කෙරෙහි ද අවධානය යොමු වෙයි.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි (David Holly) මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වු අවස්ථාවේ මේ බව සඳහන් කළේය.

කෙටි කාලසීමාවක් තුළ මෙරට මුහුදු සීමාවේදී නෞකා අනතුරු දෙකක් සිදුවිය. එමගින් සිදුවන පරිසර හානිය තක්සේරු කිරීමට සහ කාබනික පොහොර මත පදනම් වු කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් රජය දියත් කර ඇති වැඩපිළිවෙළට ඕස්ට්‍රේලියානු රජයේ තාක්ෂණික සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

අගය එකතු කිරීමේ නිෂ්පාදන සඳහා වැඩි ආයෝජන අවස්ථා උදාකර ගැනීමෙන් ඉන්දියාව, මැද පෙරදිග ඇතුළු රටවල් රැසක් ඉලක්ක කරගත් අපනයන වෙළෙඳපොළක් මෙරට ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳව ද මහ කොමසාරිස්වරයා මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළේය.

ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර 75 වසරක මිත්‍රශීලී සබඳතාව සිහිපත් කළ ඩේවිඩ් හෝලි මහතා, කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් රැගත් ගුවන් යානයක් ලබන 03 වන දා මෙරටට ළගා වීමට නියමිත බව පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *