BREAKING NEWS
Search

බිරිඳ සහ ඇගේ මව එක්වී අලුත බැදපු සැමියාට සිදු කල අහස පොලොව නුහුලන අපරාධය

865

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි කර්නූල්හි පදිංචි 32 හැවිරිදි තේජේස්වර් සිය විවාහයෙන් මාසයකට පසු මියගොස් සිටියදී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, පසුගිය මැයි 18 වැනිදා පැවති විවාහයෙන් මාසයකට පසු එනම් ජුනි 17 වැනිදා ඔහු අතුරුදන් වී තිබෙනවා.
පසුව ඔහුගේ සිරුර ඇළකින් සොයාගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ. ඔහු මිනින්දෝරුවෙකු සහ නර්තන ගුරුවරයෙකු ලෙස සේවය කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
තේජේස්වර්ගේ පවුලේ අය ඔහුගේ බිරිඳවන ඊශ්වර්යා අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය බවටත්, ඔහුගේ ඝාතනයට කුමන්ත්‍රණය කළ බවටත්, ඇයට චෝදනා කර තිබෙනවා.

ඒ අනුව, පොලිසිය ඊශ්වර්යා සහ ඇගේ මව සුජාතා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බවටයි වාර්තා වෙන්නේ.

ඊශ්වර්යාගේ මවවන සුජාතා බැංකුවක සේවය කරන අතර, ඊශ්වර්යා බැංකු සේවකයෙකු සමග සම්බන්ධතාවයක සිටි බවයි තේජේස්වර්ගේ පවුලේ අය පවසන්නේ.
ඒ කාලයේම ඇය තේජේස්වර් සමග ද සම්බන්ධතාවයක සිටි අතර දෙදෙනා විවාහ වීමට එකඟ වී තිබෙනවා.
ඔවුන්ගේ විවාහය පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, ඊශ්වර්යා අතුරුදහන් වීමෙන් පසුව එය කල් දැමීමට සිදු වූ බවත්, පසුව ඇය ආපසු පැමිණි විට තේජේස්වර් සමග විවාහ වූ බවත්, ඔහුගේ පවුලේ අය පවසනවා.
තේජේස්වර්ගේ පවුලේ සාමාජිකයන් පැවසුවේ, ඊශ්වර්යා සමග විවාහ වීමට එරෙහිව ඔහුට අවවාද කළ නමුත් ඔහු දැඩි ලෙස ඒවා ප්‍රතික්ෂේප බවයි.
එම නිසා මේ වනවිට ඔවුන් සැක කරන්නේ ඔහුගේ බිරිඳ සහ ඇගේ මව ඔහුගේ ඝාතනය කුමන්ත්‍රණය කර ඇති බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *