BREAKING NEWS
Search

තාක්ෂණික දෝෂයක් නිසා එයාර් ඉන්දියා ගුවන්යානයකට නැවතත් සිදු වූ දේ

2718

හොංකොං සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කළ එයාර් ඉන්දියා ගුවන්යානයක තාක්ෂණික දෝෂයක් ඇතිව ඇති බවට සැකකයක් හේතුවෙන් යළි හොංකොං බලා පැමිණ තිබේ.

මෙලෙස යළි පැමිණි තිබුණේ එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන්යානයකි.

මෙම ගුවන්යානයේ තාක්ෂණික දෝෂයක් ඇති බවට නියමුවාට සැකයක් ඇතිවීම හේතුවෙන් අරක්ෂිත පියවරක් ලෙස මෙලෙස ගුවන්යානය යළි හොංකොං බලා පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ගුවන්යානය මේ වනවිට පරීක්ෂාවට ලක්කරමින් පවතින බව වාර්තා වෙයි.

මෙම සිදුවීම අද (16) වාර්තා වී තිබුණේ පසුගිය 12 වනදා එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන්යානය අනතුරට ලක්වී දින කිපයකට පසුවයි.

එම ගුවන් අනතුරින් ගුවන් යානයේ සිටි 242 දෙනා අතරින් 241 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *