BREAKING NEWS
Search

ගවයකු බැඳි ලණුවක පැටලී මීටර් 800ක් දුර ඇදී ගොස් තුවාල ලැබූ දරුවෙකු ජීවිතක්ෂයට

420

ගවයකුගේ ගෙල බැඳි ලණුවක පැටලීමෙන් පසුව මීටර 800ක් පමණ දුර ඇදී ගොස් තුවාල ලැබූ 09 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිදුවීමෙන් පසුව රෝහල්ගත කළ දරුවා සැත්කමකට යොමුකිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග වාර්තා කරන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර, විහාරපාළුගම ප්‍රදේශයේ පාසලක 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඉමාෂ් දෙවිඳු නැමැති දරුවෙක්.
මේ දරුවා පෙරේදා (13) දින සවස ඔහුගේ තවත් යහළුවන් කිහිප දෙනෙකු සමග අසල්වැසි නිවසක ඇති කරන ගවයකු සමග සෙල්ලම් කරමින් සිට තිබෙනවා.
එහිදී ගවයා නොසන්සුන් තත්ත්වයකට පත්ව මාර්ගයේ දිව ගොස් ඇති අතර එහිදී ගවයාගේ ගෙළ බැඳි ලණුව, මෙම දරුවාගේ ශරීරයේ පැටලී තිබෙන බවයි පැවසෙන්නේ.
එම අවස්ථාවේ මීටර් 800ක් පමණ දුර‍ එම දරුවා ඇදී ගොස් තිබෙන බවත් එහිදී බරපතල තුවාල ලබා තිබෙන බවත් පැවසෙනවා.
අනතුරුව තුවාල ලැබූ දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුල් කිරීමටයි පියවර ගෙන තිබුණේ.
දරුවාගේ තත්ත්වය බරපතල බැවින් එම වෛද්‍යවරුන් දරුවාව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර කිරීම ආරම්භ කොට තිබුණා.
වෛද්‍යවරුන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ දරුවාගේ මොළයට දැඩි ලෙස හානි සිදුව ඇති බවයි.
දැඩිසත්කාර ඒකකයේ සිටි දරුවා සැත්කමකට භාජනය කර තිබෙන අතර ඊයේ පස්වරු 3ට පමණ දරුවා ජීවිතක්ෂයට පත් වූ බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *