Search

බිරිදට මරු කැදවූ සැමියාගේ උදලු පහර – කුලියාපිටියෙන් ඇහෙන සංවේදී කතාව

3040

කුලියාපිටිය වල්පිටගම ජයකොඩිවත්ත ප්‍රදේශයේ නිවසකදී වයස අවුරුදු 45 ක කාන්තාවකට සැමියා එල්ල කළැයි කියන උදලු පහරින්  එම ස්ථානයේම කාන්තාව මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.

බීමතින් සිටි බව කියන සැමියා හා බිරිඳ අතර ඇතිවූ බහිම්බ ස් වීමක් දුරදිග ගොස් අදාළ සැමියා නිවස පිටුපස වැසිකිළිය අසලදී එසේ උදල්ලෙන් පහරදී ඇතැයිද පොලිසිය කියයි.

සිද්ධිය හේතුවෙන් මියගොස් තිබුණේ ඩී එම් චන්ද්‍රලතා නැමැති 45 හැවිරිදි එක් දරු මවකි.

ඇය ඇඟලුම් සේවිකාවක් වූ අතර අදාළ සැකකාර සැමියා ස්ථිර රැකියාවක් නොකළ බව ප්‍රදේශවාසීන් කියයි.

කාන්තාවගේ මුහුණ හඳුනාගත නොහැකි මට්ටමින් උදලු පහර එල්ලකර තිබූ සැකකාර සැමියා නිවස ඉදිරිපිටදීම අත්අඩංගුවට ගැනීමට කුලියාපිටියට හැකිව තිබිණ.

කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් අනූෂා ස්වර්ණමාලි මහත්මිය එහි මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකළ අතර මෘත දේහය කුලියාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂ්ඥ අධිකරණ වෛද්‍ය නිළධාරියා වෙත යොමුකරන්නැයි එහිදී නියෝග කෙරිනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *