තවත් ලංගම බසයක් අනතුරට

1894

කොළඹ සිට මස්කෙළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් අද (02) උදෑසන 8:30ට පමණ අනතුරට පත් වී ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලීසිය පැවසීය.

එම බස් රථය වටවල දියගල නෝර්ටන්බ්‍රිජ් හරහා මස්කෙළිය දක්වා ධාවනය කරවන අවස්ථාවේ බස් රථයේ එක්වරම ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය එක්වරම රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය මාර්ගයේ වම්පස කාණුවකට වැටී නතර වී ඇත.

අධික බෑවුමක් සහිත ස්ථානයකදි බස් රථය අනතුරට පත් වී ඇති අතර, බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ බස් රථය තුළ 20 දෙනෙකු පමණ ගමන් කර ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලීසිය කියා සිටියේය.

බස් රථය අනතුරට පත් වීම නිසා එම මාර්ගයේ බර වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *