මාලනී ෆොන්සේකා කියන චරිතය අපි හැමෝම ආදරේ කරන චරිතයක්. ඇය දිවි ගමනින් සමුගත්තත් අපේ හදවත් වල ඇගේ මතකයන් හැමදාමත් රැදේවි. ඇය අසනීපයෙන් සිටි දවස්වල යම්කිසි පුද්ගලයෙකු විසින් ගත් ජායාරුපයක් සමාජ මාධ්‍ය වල සංසරණය වෙනවා ඒ පිලිබදව දයාන් විතාරණ මහතා මෙසේ සටහනක් තබා තිබෙනවා
මාලිනී අක්කා හරි ලස්සනට ඇන්ද, ලස්සනට ඉන්න කැමති කෙනෙක්. ඇය කාගෙ හෝ ඉල්ලීමකට මෙසේ ඡායාරූපයකට මුහුනට දෙන්න ඇති. හැබැයි කියන්න ඇති “මේක මුහුනු පොතේ පලකරන්න නම් එපා” කියල. මම ඇගේ ලස්සනම ඡායාරූප හොය හොයා මුහුනු පොතේ පල කරද්දී මෙවැනි පින්තූර පලකිරීම ඇයට අවමානයක්. මන්ද යත් ඇය සාමාන්ය ගැහැනියක් නොව හෙල සිනමාවේ නිළි රැජිනයි.
එලිසබත් මහ රැජිනත් වියපත් උනා. දුකට පත් උනා.
එත් කවුරුවත් මෙහෙම පින්තූරයක් පලකලාද ද?
රැජිනක් සේ නිධන් ගත වූ අපේ නිධානයක් බඳු වූ කෙනෙකුගේ ප්රතිරූපයට හානි කිරීම වැරදී නේද. මට නම් මේව දකිද්දි හරි දුකයි. මේව ඉවත් කරනවානම් වඩා හොදයි.



















