රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මෙම වෛද්‍යවරිය පමණක් නොව මෙරට තුළ සිදුවන කාන්තා අතවර සහ ළමා අපයෝජන සම්බන්ධයෙන් සමස්ථ මාධ්‍ය භාවිතාවේදී, නැවත නැවතත් එම වින්දිතයින් සමාජය ඉදිරියේ අතවරයට සහ අපහසුතාවයට ලක්වීම අතිශයින් අවාසනාවන්ත කරුණකි.
ඒ හරහා ඔවුන් යළි යළිත් මානසික සහ සමාජ පීඩාවට ලක්වනවා පමණක් නොව, ඔවුන්ගේ අනාගතයට ද අහිතකර බලපෑම් ඇති කරයි. අදාල සිදුවීමෙන් අනතුරුව ද ඔවුන් සමාජය තුළ අනාරක්ෂිත බව තහවුරු කරමින් ඇත.
මෙරට තුළ ක්‍රියාත්මක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අනුව, එම වින්දිතයින් සහ ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්‍ෂා කිරීම සඳහා වඩා ශක්තිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත විය යුතුය.
එමෙන්ම, අධිකරණ ක්‍රියාවලිය තුලදි එම වින්දිතයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි අධිකරණ කටයුතු රහස්‍ය සහ සංවෘත පරිශ්‍රයන් තුල සිදු කිරීම දිරිමත් කල යුතුය.
එබැවින් මෙරට සමස්ත කාන්තාවන් සහ ළමා ප්‍රජාවගේ ආරක්ෂාව වෙනුවෙන් නව ප්‍රවේශයක් සහ වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීමේ අරමුණින් ළමා සහ කාන්තා කටයුතු අමාත්‍යවරිය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා, වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය ඇතුළු වගකිවයුත්තන් සමඟ සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කරන ලදී.




















