ඒ සිනේස්ටාර් පදනම විසින් කළ ඉල්ලීමකට අනුව බව සඳහන්.
මෙසේ නෙළුම් කුලුණ ශ්වේත වර්ණයෙන් පැහැගැන් වීමට කටයුතු කර ඇත්තේ එම සමාගම විසින් සිදුකළ ගෞරව දැක්වීමක් ලෙස බව ද සඳහන්.
හෙළයේ මහා නිළි රැජිණිය වූ මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත් වුණා.
ඉකුත් 24 දා අලුයම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මිය යන විට ඇය 78 වන වියේ පසුවුණා.




















