BREAKING NEWS
Search

පෙම්වති පෙම්වතාගෙන් අහන උත්තර දෙන්න අමාරු ප්‍රශ්න

341

හරි අපි අපේ කතාව මෙහෙම පටන් ගමු. මොකද මාත් ගෙදර යන්න ඕනෙනේ. ගිහිල්ල හෙට ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක කොහෙහරි යන්නත් ඕනෙනේ. ඉතිං මට මෙවුව එහෙම පිටින්ම මගේම අත්දැකීම් කියල කියන්න බැහැ. මේ අපිට වටපිටාවෙන් අහන්න ලැබුනු අත්දැකීම්. ඒ කොහොම අපි මේ කියන්න යන්නෙ පෙම්වති ප්‍රශ්න අහනකොට පෙම්වතා උත්තර දුන්නොත් අමාරුවේ වැටෙන්න ඉඩ තියෙන දේවල් ටිකක් ගැන. මේ වගේ වෙලාවට ප්‍රශ්නෙන් පැනලා යන එක තමයි හොදම දේ.

 

1. ඔයා මෙයාව දන්නවද?

ඔන්න එකනම් භයානක ප්‍රශ්නයක්. පෙම්වතිය ෆේස්බුක් එකෙන් තව ගෑණු ලමයෙක් පෙන්නල මෙයාව දන්නවද ඇහුවොත් මොකක්හරි ලොකු ප්‍රශ්නයක් තමයි.මේකට හේතු කිහිපයක් වෙන්න පුළුවන්. එක්කො කොල්ල ෆේස්බුක් ආපු මුල් දවස්වල ඒ කෙල්ලගෙ පින්තූරෙකට ලයික් එකක් දාලා තියෙන්න පුළුවන්. නැත්තං ඒ කෙල්ල කොල්ලගෙ පින්තූරෙකට ලයික් එකක් දාලා වෙන්න පුළුවන්. නැත්තං ඔය කෙල්ල එයාව අඳුරන වෙනිං කෙල්ලෙක් එක්ක කොල්ලට කැමතියි කියල තියෙන්න පුළුවන්. නැත්තං ඇත්තටම ඒ කෙල්ලව කලින් දවසක කොල්ලට අඳුන්වලා දීලත්, කොල්ලට දැන් මතක නෑ වෙන්න පුළුවන්. ඔය කොයි ප්‍රශ්නෙත් භයානක නිසා ඕවට උත්තර නොදී මගඇරල ඉන්න තරමට හොඳයි.

 

2. ඔයාට මතකද අපි මුලින්ම……..?

ඔයාට මතකද අපි මුලින්ම අයිස්ක්‍රීම් කාපු දවස? ඇතුළුව ඔයාට මතකද අපි ටයිප් එකේ ප්‍රශ්න ගානක් කොල්ලාගෙන් කෙල්ල අහන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න අහනකොට දුවල හරි බේරෙන්න සිද්ධ වෙනව. මොකද අපි දන්නව කොල්ලොන්ට දින වකවානු හරියට මතක නැති විත්තිය. හැබැයි මහත්තයො කෙල්ලට මතකයි ඔයා මුලින්ම බඩගිනියි කියල කියපු දවසත්. ඉතිං පරිස්සමෙන්.

 

3. මගේ කොන්ඩෙ කොහොමද හොඳ?

ඔය මගහරින්න ඕන තවත් ප්‍රශ්න වගයක් තමයි ෆැෂන් කියන්නෙ. මට මේ ගවුම දිගයිද? කොන්ඩෙ කොටයිද? මට කොන්ඩෙ දිගටද හොඳ? කොටටද? වගේ ප්‍රශ්න මගඅරින්න. ඒවට දෙන උත්තරේ අනුව ඔයා දෝෂදර්ෂණයට ලක්වේවි. ඒ වගේම එතනින් එහාට එයා අහන ප්‍රශ්නෙ ඔය ප්‍රශ්නෙටත් වඩා අමාරු ප්‍රශ්නයක් බව මතක තියාගන්න. කීයටවත් ඔයා කොන්ඩෙ කොටට කැපුවොත් අරයා වගේ, ඔයා බ්ලවුස් ඇන්දම මෙයා වගේ කියල නං උත්තර දෙන්නෙපා.එහෙම කිව්වොත් සොරිම තමා.

 

4. අද ඔයා කැමති තැනකින් කමු. කොහෙද කැමති?

ඔන්න තවත් අමාරු ප්‍රශ්නයක්. මේක විවිධ තැන්වලට අදාලයි. ඔයා කන්න කැමති කොහෙන්ද එහෙන් කමු කියල එයා කිවුවට ඇත්තටම අන්තිමට බලද්දි අපි ගිහින් තියෙන්නෙ එයා කැමති තැනටමයි. ඒ හින්දා ඔය තෝරන දේවල් එයාට කරගන්න දෙන්න. අපි කාලා බිල ගෙවල එමු. කොත්තු කමුද ඇහුවොත් අපෝ මම ආස නෑ කියයි. තෝසෙ ඇහුවොත් ඔච්චර ලෝබ වෙන්නෙපා කියයි. කේඑෆ්සී යමුද ඇහුවොත් ගිය සතියෙත් කෑවනෙ කියයි. ඔය විදියට කිසිම ප්‍රශ්නයක් එයාට ඕන උත්තරෙන් නවතිනකං එයා හරිඋත්තරේට ඉර අඳින්නෙ නැති විත්තිය මතක තියාගන්න.

 

5. ඔයාට අර ෆිල්ම් එක බැලුවම මොකද හිතුනෙ?

ඔය කලා නිර්මාණවල විඳීම් එකිනෙකට වෙනස්නෙ. ඕව කෙල්ලටයි කොල්ලටයි නං හොඳටම වෙනස්. ඒ අය ෂාරුක් ඛාන්ගෙ ඕන ගොන් පාට් එකක් හොටු පෙර පෙර බැලුවත්, බන්දු සමරසිංහගෙ ගොං පාට් බලන්න කැමති නෑ. අන්න ඒ නිසා ඒ ෆිල්ම් එක බැලුවම මොනවද හිතුනෙ, අර පොත කියවද්දි දුකක් ආවෙ නැද්ද වගේ ඇහුවොත් කතාව වෙනස් කරන්න ඉක්මනටම.

 

6. ඔයා මට ඔයාගෙ පළවෙනි ගර්ල් ගැන විස්තර කියල නැහැනෙ?

මේක ප්‍රශ්නයක්ම නෙමෙයි. හැබැයි මේක ප්‍රශ්නාර්ථයකින් ඉවර වෙන නියෝගයක්. ඒ කියන්නෙ කියන්න ඕනෙමයි කියලම තමයි. කියන්න පටන් ගත්තම නවත්තන්න වෙන්නෙ නෑ. ඇයි එයා එක්ක තිබ්බ සම්බන්ධෙ නැවැත්තුවෙ? එයා අහිංසකයිද? ඔයා එයාට බැන්නද? ඔයයි එයයි අරවා කළාද? මොන මොනවද කළේ? කොහෙද ගියේ? ඇයි අපි එහෙ යන්නෙ නැත්තෙ? එයා ඔයාගෙ මෙතනට ඔලුව තියං හිටියද? එතනට ඔලව තියං හිටියද? දෙන්නකෝ ඉතින් දැන් උත්තර

 

 

Source: lifie.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *