BREAKING NEWS
Search

නිළි රැජින මාලනීයගේ නිසල දේහය චිත්‍රපට සංස්ථාව වෙත රැගෙන එයි

146

හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා මීට සුළු මොහොතකට පෙර ජාතික චිත්‍රපට සංස්ථාව වෙත රැගෙනවිත් තිබේ.

දේහය අද සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර තැබෙන අතර හෙට දිනයේ නිදහස් චතුරස්‍ර මන්දිරයේදී ද මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී ඇති බව පවුලේ ඥාතීන් පැවසීය.

කලක් රෝගාතුරව සිටී මාලනී ෆොන්සේකා මහත්මිය ඊයේ අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වුණි.

1947 වසරේ අප්‍රේල් මස 30 වනදා උපත ලැබූ ඇය මිය යන විට 78 වන වියේ පසුවිය.

මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතව තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *