ඒ කෙටි පණිවිඩ මොනවාද..? අවුරුදු 62ක නීතීඥවරයෙකුගෙන්, විනිසුරුවරියකට අයුතු යෝජනාවක්..

181
හිතාගන්නවත් පුළුවන්ද..? මේ වගේ සිදුවීමක් ගැන..

ඔහු තලතුනා වයසක පසුවුණු නීතීඥවරයෙක්..

ඔහුගෙන් මේ වගේ යෝජනාවක්.. ඇත්තෙන්ම විනිසුරුවරියකට මෙහෙම යෝජනාවක් කරන එක මොන තරම් වරදක්ද..? වයස අවුරුදු 62ක් වන නීතීඥවරයෙකු විසින් මැසෙන්ජර් ඔස්සේ මහාධිකරණ විනිසුරුවරියකට ලිංගික හිංසනයට ලක්වන සේ කෙටි පණිවුඩ යවා ඇති පුවතක් වාර්තා වෙනවා..

2022 වසරේ දී මෙම නීතිඥවරයා විසින් තමා ලිංගික හිංසනයට ලක්වන සේ මැසෙන්ජර් ඔස්සේ කෙටි පණිවුඩ යොමු කළ බවට මහාධිකරණ විනිසුරුවරිය විසින් පැමිණිලි කර තිබූ අතර, පසුගිය 21ක්වැනිදා, රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 62 හැවිරිදි සැකකරු හලාවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා..

මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග විසින් මාධ්‍ය වෙත මේ බව පවසා තිබුණා..

කෙසේ වෙතත්, පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කර නීතිපතිවරයා වෙත දැනුම් දී ඇති අතර, එහිදී නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ සැකකරු සිදුකර ඇති ක්‍රියාව ලිංගික අතවර කිරීමේ චෝදනා යටතට ගැනෙන අතර ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදුකරන ලෙසයි..



Leave a Reply

Your email address will not be published. Required fields are marked *