BREAKING NEWS
Search

නූපන් කිරිකැටියන් දෙදෙනෙකු කුසේ හොවා අවසන්ගමන් ගිය මවක් ගැන ඇසෙන සංවේදී කතාව

2272

මේ දවස් ටිකේම අපිට අහන්න දකින්න ලැබුනේ හරිම සංවේදී කතා ගොඩක්.මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්.ඇය තරුණියක්.ඒ වගේම මවක් වෙන්න බලාපොරොත්තු ගොන්නක් හිතේ තිබ්බ ආදරණීය තරුණියක්. ඇයට ඉපදෙන්න හිටියේ නිවුන් දරුවන්.ඇය කුස තුළ දරු ගැබවල් දෙකක් දරාගෙන සිටිය ආදරණීය මවක්.

හැබැයි අවාසනාවකට මේ දිනවල සීඝ්‍රයෙන් පැතිරී යන ඩෙංගු රෝගී තත්ත්වයට ඇය ගොදුරු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කොතෙක් ප්‍රතිකාර කළත් සාර්ථක නොවුනු ඇයට මේ ජීවිත ගමන අතහැර යන්න සිද්ධ වෙනවා.ඒ මේ ලෝකෙ එළිය දකින්නවත් වරම් නොලබපු ඒ ආදරණීය කිරි කැටයන් දෙදෙනාත් සමඟයි.

ඉතින් ඇයගේ මේ වියෝව ගෙදර අය පවුලෙ අය කොහොම දරා ගන්නවද කියලා හිතාගන්නත් අමාරුයි.කෙසේ නමුත් මේ දිනවල සීඝ්‍රයෙන් පැතිරෙන ඩෙංගු රෝගී තත්ත්වය නිසා ඔබේ පරිසරය පිරිසිදුව තබා ගැනීම ඔබේ වගකීමයි. ඉතින් අකාලයේ සමුගත් ඇයට අපිත් එක සිතින් නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *