නුවරඑළියේ සිට තලවකැලේ සෙන්ක්ලෙයාර් වත්ත දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ප්‍රධාන මාර්ගයේ කන්දක ගැටීමෙන් ඊයේ (14) අනතුරක් සිදු වූ බව ලිදුල පොලිසිය සඳහන් කරනවා.
ඊයේ පස්වරු 5ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ ලිදුල මල්ලිඅප්පු ප්‍රදේශයේදීයි.
නීතීඥවරයෙකු විසින් ධාවනය කළැයි පැවසෙන මෙම මෝටර් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව කන්දේ ගැටී අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් ඔහුට කිසිදු අනතුරක් සිදු වි නොමැති බවත්, පොලිසිය පවසනවා.
එමෙන්ම අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීමේ චෝදනාව යටතේ රිය පැදවූ නීතීඥවරයාට එරෙහිව නුවරඑළිය මහ අධිකරණයේ කරුණු වාර්තා කරන බවයි ලිදුල පොලිසිය පවසන්නේ



















