BREAKING NEWS
Search

ගැරඩිඇල්ල අනතුරේ බස් රියදුරුගේ මරණය ගැන පොලිසිය කියපු දේ මෙන්න

13948
පුද්ගලයින් 23 දෙනෙකුට මරු කැදවමින් පසුගියදා කොත්මලේ ගැරඩිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ අනතුර සම්බන්ධයෙන් මෙතෙක් අවසන් නිගමනයක් ප්‍රකාශ කළ නොහැකි බව පොලිසිය පවසනවා …
කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබද කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයකින්ම තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි.

මේ අතර අනතුරින් මිය ගිය බස් රථ රියදුරාගේ පශ්චාත් මරණ පරීක්ෂයේදී විවෘත තීන්දුවක් ලබා දී ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සදහන් කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *