BREAKING NEWS
Search

”සිද්ධාර්ථ නේරංජනාවට විසීකලේ පාත්තරය නෙවෙයි.ෆෝන් එක.” කළණ ගුණසේකරගේ පොස්ටුවට බුකිය ඇවිලෙයි

762

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන කළණ ගුණසේකරට සමාජ මාධ්‍යයේ දැඩි විරෝධයක් එල්ලව තිබෙනවා.

ඒ, ඔහු සිය ෆේස්බුක් ගිණුමට එක්කරන ලද සටහනක් නිසාවෙන්.

කළණ මෙලෙස සටහන් කර ඇත්තේ,

”සිද්ධාර්ථ නේරංජනාවට විසීකලේ පාත්තරය නෙවෙයි.ෆෝන් එක.” මැයෙනි.

ඉහත සටහන හේතුවෙන් සමාජ මාධ්‍යයේ දැඩි විවේචනයට ලක්ව සිටින කළණ, පසුව ඇතැම් විවේචනාත්මක ප්‍රතිචාර සඳහා කරුණු පැහැදිලි කිරීම් සිදුකර ඇති අන්දම ද මෙයාකාරයෙන් දැකිය හැකිය.

”කාලීනව යම් ද්‍රවයක අගය ඒ කාලයේ පවතිනා වටිනාකමට සමාන කිරීම අපහාසයක් කියා මම හිතන්නෑ…..
පාත්තරයේ වටිනාකම වැඩිකළා මිසක්…
පාත්තරය සාමාන්‍ය අපේ ජීවිතයට අදාළ වන ප්‍රමාණයට වඩා ෆෝන් එක අදාළ වෙනවා…”

”මම කිව්වේ කෙලෙස් සමග පාත්තරේට වඩා ෆෝන් එක විශාලයි කියලා…ඇත්ත නෙවේද ඒක..”

එම පොස්ටුව පහලින්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *