BREAKING NEWS
Search

කොටහේන දැරියගේ මරණයෙන් මැතිසබේ රත්වෙයි

101

අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල්  නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ  සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට්ටියක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (9) පෙරවරුවේ ඇතිවිය.

මේ සිද්ධිය ගැන  සමගි ජන බලවේගයේ  මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනි කුමාරි විජේරත්න මහත්මිය කතා කිරීමට උත්සාහ ගත්ත අවස්ථාවේදී කතානායකවරයා ඊට ඉඩ  දුන්නේ නැත. මේ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සිය අසුන් වලින් නැගිට ඊට විරෝධය දක්වා  දිගින් දිගටම කෑගසන්නට වූහ.

මේ හේතුවෙන් සභාව පාලනය කර ගැනීමට කතානායකවරයාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *