BREAKING NEWS
Search

එක් අයෙකුට මරු කැදවූ මීටියාගොඩ වෙඩි තැබීම ගැන තොරතුරු හෙළිවෙයි

326

මීටියාගොඩ පොලිස් වසමේ මානම්පිට එරෙනවිල ප්‍රදේශයේ අවන්හලක් තුල අද (03) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුවිය.

වෙඩි තැබීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා බලපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මීටියාගොඩ පදිංචි සරත් චමින්ද උදය කුමාර නම් 47 හැවිරිදි වඩු කාර්මිකයෙකි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මීටියාගොඩ පොලීසිය පැවසීය.

වෙඩි තැබූ ස්ථානයේ ටී 56 උණ්ඩ කොපු 4ක් හා මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩයක්ද තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *