BREAKING NEWS
Search

සරසවි සිසු චරිත් වෙනුවෙන් නීතිඥවරුන් කරන්න යන දේ

1266

සබරගමුව සරසවි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය පොලීසියට ලබාදුන් ප්‍රකාශ අනුව ඉදිරියේදී නීතිමය කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පවසයි.

අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥවරුන් පැවසුවේ, මියගිය සිසුවාට සහ අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් සාධාරණය ඉටුවනු ඇතැයි අපේක්ෂා කරන බවය.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ චරිත් දිල්ශාන් නමැති සිසුවා පසුගිය 29 වනදා සියදිවි නසාගෙන තිබුණි.

මානසික පීඩනය හේතුවෙන් තමන් දිවිනසා ගන්නා බවට ඔහු සිය අත්අකුරින් ලිපියක් ලියා තිබුණද ඔහුගේ ඥාතීන් හා මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ ඇති නවකවධය දරාගත නොහැකිව චරිත් දිවි නසාගෙන ඇති බවටය.

සිද්ධිය පිළිබඳ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (02) නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති බවත් එහි වාර්තාව ලැබුණු වහාම සිද්ධිය සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බවය.

චරිත් සමග නවකවධයට ලක්වූ බව කියන සිසුන් 16 දෙනෙකුගෙන් සමනලවැව පොලීසිය ඊයේ ප්‍රකාශ ද සටහන් කරගත්තේ මෙවන් පසුබිමකය.

එම සිසුන් වෙනුවෙන් සහ අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥ රචික පළිහවඩන සහ නීතිඥ කල්හාර විජේසිංහ යන නීතීඥවරුන් ඉදිරිපත් වී සිටී




Leave a Reply

Your email address will not be published. Required fields are marked *