උසස් පෙළ ප්‍රතිඵල ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න

47
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අග වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයිම මේ වන විට අවසන් වී ඇති අතර, ප්‍රතිඵල සකස් කිරීම හා පරීක්ෂා කිරීම ඉදිරි දින කිහිපයේ සිදු කිරීමට නියමිත බවයි.

2024 උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,312කදී පසුගිය නොවැම්බර් 25 වනදා ආරම්භ වුණා.

ඒ සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 33,185 දෙනෙකු සුදුසුකම් ලබා තිබූ අතර ඉන් දෙලක්ෂ 53,390 ක් පාසල් අයදුම්කරුවන්.

විභාගයට පෙනි සිටි පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 79,795ක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *