BREAKING NEWS
Search

ව්‍යාපාරිකයකුගේ ගැබිණි බිරිඳ සහ මව මෝටර් රථයේ සිටියදීම මෝටර් රථය පැහැර ගෙන

40

ව්‍යාපාරිකයකුගේ ගැබිණි බිරිඳ සහ මව මෝටර් රථයේ සිටියදී එය පැහැරගෙන යමින් සිටි කොල්ලකරුවකු පසුපස හඹා ගිය පොලිසිය මෝටර් රථයට වෙඩි තබා මෝටර් රථය බේරාගෙන ඇතත්  සැකකරු පලා ගොස් ඇතැයි කොටහේන පොලිසිය කියයි.

කොළඹ 3 වේල්ලවීදිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඔහුට අයත් මෝටර් රථයෙන්ම ඔහුගේ බිරිඳ සහ මව සමග කොටහෙන වීදියේ වාසල පාර පිහිටි හෝටලයක් වෙතට පැමිණ බිරිඳ සහ මව මෝටර් රථය තුළ සිටියදී ඔහු හෝටලය තුළට ගොස් ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී නාඳුනන පුද්ගලයකු මෝටර් රථයේ මෝටර් රථය  රැගෙන පලා ගොස් ඇත.

මෙම සිදුවීම වන අවස්ථාවේදී ඒ අසල විමර්ශනයක් සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර නිලධාරියා ඇතුළු කණ්ඩායමක් එම පොලිස් ස්ථානයට අනියුක්ත කැබ්රතයකින් පැමිණ සිට ඇති අතර නිලධාරීන් එම කාර් රථය නැවතීම සඳහා සංඥා කළ ද මෝටර් රථය කොල්ල කෑ පුද්ගලයා ඊට අවනත නොවී රැගෙන පලා යන අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයා ඔහුගේ රාජකාරී ගිනි අවියෙන් වෙඩි වාර දෙකක් මෝටර් රථය දෙසට තබා ඇතැයි පොලිසිය කියයි.

ඒ සමඟම පොලිස් නිලධාරින් පලායන මෝටර් රථයේ පසුපස හඹා යාමේදී කොටහේන බ්ලූ මැන්ඩල් රේල් පාර අසලදී මෝටර් රථය නවතා ඇති කොල්ලකරු මෝටර් රථයෙන් පැන පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

වෙඩි තැබීමෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *