සිරුර ගොඩගන්නා තුරු එම ස්ථානයට තවදුරටත් පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.
සත්සර නිමේෂ් නමැති එම තරුණයා වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී මියගියේ පසුගිය 02 වැනිදායි.
මේ සම්බන්ධයෙන් පාර්ශව කිහිපයකින්ම විරෝධය එල්ලවූ පසුබිමක ඔහුගේ ඥාතීන් අධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, සත්සරගේ පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවයි.
මිහිදන් කළ සිරුර යළි ගොඩගෙන විශේඥ වෛද්‍යවරු තිදෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් මගින් පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් නැවත සිදුකර එම වාර්තාව ලබන 30 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළේ ඒ අනුවයි



















