සීදුව පොලිස් වසමේ කිදීගොඩන් බෙල්ලානවත්ත ප්‍රදේශයේ හෝටලයක් තුල නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ෆේස්බුක් සාදයක් පවත්වන බවට සීදූව පොලිස් ස්ථානයට ඊයේ (22) පස්වරුවේ ලද පැමිණිල්ලක් මත වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදී, මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිටි බවත්, මොවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා හා නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට් සමඟ සැකකාරියන් 03 කුත්, සැකකරුවන් 14 කුත් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම, මෙම සාදය සඳහා සහභාගි වී සිටි තවත් තරුණියන් 12 දෙනෙකු සහ තරුණයින් 47 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවරුදු 18 ත් 25 අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.




















