BREAKING NEWS
Search

35 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර ගැන තවත් තොරතුරු එලියට

40

වරකාපොල – දුම්මලදෙණිය ප්‍රදේශයේදී අද පස්වරුවේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවුණා.

ඉන් තුවාල ලැබූ මගීන් 35කට වැඩි පිරිසක් ඇතුළත් කෙරුණේ වරකාපොළ මූලික රෝහලටයි.

අද පස්වරු 3.30ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ දුම්මලදෙණිය ප්‍රදේශයේදීයී.

මෙලෙස අනතුරට ලක් වුණේ කල්මුණේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ කොළඹ සිට නුවර බලා ධාවනය වූ තවත් ලංගම බස් රථයක්.

බස් රථ දෙක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබූ අතර තුවාල ලැබූ මගීන් 35කට වැඩි පිරිසක් ඇතුළත් කෙරුණේ වරකාපොළ මූලික රෝහලටයි.

අනතුර හේතුවෙන් මඳ වේලාවක් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද දක්නට ලැබුණා.

අනතුර සම්බන්ධයෙන් වරකාපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

කොළඹ-මහනුවර මාර්ගයේ වරකාපොළ, හලාගල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් තුවාල ලබු පුද්ගලයින් ගණන  40 දෙනෙකු දක්වා ඉහල ගොස් ඇති අතර  ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *