BREAKING NEWS
Search

දෙයියනේ මේ වයසට මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද? සිය මිත්තණියන් දෙදෙනා නොඑන ගමන් යැවූ 15 මිණිබිරිය කියන කතාව…

38

මුතූර්, දාහානගර් ගම්මානයේදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර ඇත්තේ, ඔවුන්ගේ 15 හැවිරිදි මිණිබිරිය බව පොලීසිය පවසනවා.

අදාළ කාන්තාවන් දෙදෙනා තවත් මුණුබුරන් දෙදෙනෙකුට හොඳින් සලකන බව පවසමින් ඇය මෙම ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කළේ.

මූතූර් , දාහානගර් ගම්මානයේ නිවසක සිටි සහෝදරියන් දෙදෙනකු පෙරේදා උදෑසන 7.30ට පමණ කපාකොටා ඝාතනය කර තිබුණා .

එලෙස ඝාතනය කර තිබුණේ අවුරුදු 68ක හා 74ක කාන්තාවන් දෙදෙනෙක් වන අතර ඔවුන් විශ්‍රාමික රාජ්‍ය සේවකයන්.

ඔවුන් සමග සිටි 15 හැවිරිදි ගැහැණු ළමයෙකු ද සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා .

පසුව මූතූර් පොලිස් ස්ථානාධිපතිවරයා සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී තිබුණේ අදාළ ගැහැණු දැරිය මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවයි .

ඒ අනුව ඇයව අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඇය ද්විත්ව ඝාතනය සිදුකළ බව පාපොච්ඡාරණය කළ බව පොලීසිය සඳහන් කරනවා .

සිය මිත්තණියන් දෙදෙනා තවත් මුනුබුරන් දෙදෙනෙකුට තමන්ට වඩා හොඳින් සැලකීම හේතුවෙන් ඇතිවූ සිත් තැවුල මත මෙම ඝාතනය සිදුකළ බවයි ඇය පොලීසිය හමුවේ පවසා තිබුණේ .

ඝාතන සිදුකරන අවස්ථාවේදී ඒ සඳහා භාවිත කළ තියුණු ආයුධයට තම අතද තුවාල වූ බව ඇය පොලීසිය හමුවේ පවසා තිබෙනවා .

සැකකාර දැරිය ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ උපදෙස් මත ක්‍රියාත්මකයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *