BREAKING NEWS
Search

සෙව්වන්දි රට පැනලා – ස්ථාන 200 ක් පරික්ෂා කලත් සෙව්වන්දි හොයාගන්න නෑ

38
මේ තවමත් රටම හොයන ඉෂාරා සෙව්වන්දි ගැන ඇහෙන අලුත්ම කතාව.
පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නමැති තරුණිය මුහුදු මාර්ගය ඔස්සේ බෝට්ටුවකින් ඉන්දියාවට පලා යන්නට ඇති බවට විමර්ශන නිලධාරීන් සැක පළ කරනවා.

මේ වනවිට මෙම සැකකාරිය සැඟවී සිටින බවට ලැබුණු ස්ථාන 200කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කළද ඇය පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගන්නට අපොහොසත් වූ බව යි විමර්ශන නිලධාරීන් සදහන් කරන්නේ.

ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය ජංගම දුරකථන පරිහරණය නතර කර ඇති නිසා ඇය පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි බව පොලිසිය පවසයි.

ගණේමුල්ලේ සංජීව ඝාතනයෙන් පසු දින දෙකක් ගත වූ පසු ඉෂාරා සෙව්වන්දි කළුතර ප්‍රදේශයට ගොස් රන් ආභරණ අලෙවිසලකින් රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා ආභරණ රැගෙන ගොස් තිබූ බවට ලැබුණු තොරතුරෙන් පසු ඇය පිළිබඳව කිසිදු වැදගත් තොරතුරක් ලැබී නැත.

සැකකාරිය දකුණු පළාතේ මුහුදු තීරය ඔස්සේ බෝට්ටුවකින් රටින් පලා යන්නට ඇති බවට විශාල සැකයක් මේ වනවිට මතු වී තිබෙන බවද පොලිසිය කියා සිටියි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *