BREAKING NEWS
Search

රැකියාවක් බලාගෙන ඉන්න ඔබට සතුටු හිතෙන ආරංචියක්…

83
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා සඳහා ඉදිරියේදී බඳවා ගැනීම් රැසක් සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (06) පාලරීමේන්තුවේදී  පැවසුවා…
ඒ අනුව, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 976 දෙනෙකුට මෙම මස මැද වන විට පත්වීම් ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කළා..

තවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 238 දෙනෙකුට, ඖෂධවේදීන් 65 දෙනෙකුට, වෘත්තීය චිකිත්සකවරුන් 43 දෙනෙකුට සහ විකිරිණ ශිල්පීන් 41 දෙනෙකුට මාතර් මැද වන විට පත්වීම් ලබා දෙන බව ඔහු පවසා සිටියා…

එමෙන්ම හෙද නිලධාරීන් 3,147 දෙනෙකුට අප්‍රේල් මස පත්වීම් ලබා දෙන බවත්, මැයි මාසය වනවිට උපස්ථායකයින් 1,000ක් බඳවා ගැනීමට අවසර ලැබී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *