ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
මෙම වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සම්පූර්ණ කර ගැනීම සඳහා ගත යුතු ක්‍රමෝපාය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වුණා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොලැබෙන ආදායම් ලබා ගැනීම සඳහා, දැනට ක්‍රියාත්මක ක්‍රමවේදයට වඩා වැඩි මැදිහත්වීමක් අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම අය කර ගැනීමට කටයුතු කරන ලෙසටයි නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.
මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා.
මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව ඇත්තේ බලශක්ති ක්ෂේත්‍රයේ තිරසාර දිගුකාලීන වැඩපිළිවෙළක් පිළිබඳවයි.
බලශක්ති සංරක්ෂණය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇති අතර, අඛණ්ඩ බලශක්ති සැපයුම පවත්වා ගැනීම හා බලශක්ති ක්ෂේත්‍රයට අදාළ වර්තමාන හා අනාගත අපේක්ෂිත තත්ත්වයන් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.



















