මාන්කුලම් පොලිස් වසමේ කට්කුවාරි ප්‍රදේශයේදී කුඩා පිරිමි දරුවෙකු ඖෂධ පෙති පානය කිරීමෙන් අසනීප වී පෙරේදා (04) කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එදිනම මියගොස් ඇති බව මාන්කුලම් පොලිසිය පවසනවා.
මියගිය දරුවා වයස අවුරුදු 01 ½ක් වූ කට්කුවාරි, මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.
මෙම දරුවා නිවසේ තිබූ දරුවාගේ පියාගේ මව අසනීප තත්ත්වයක් සඳහා ගනු ලබන ඖෂධ පෙති ගිල දමා ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දෙමාපියන්ට භාර දී ඇති අතර, මාන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.


















