BREAKING NEWS
Search

ලබන ජුනි මස 07 වනදා දක්වා සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක කරනවාදැයි සාකච්ඡා

122

රටපුරා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගත රෝග තත්වය පාලනය කිරීම සඳහා මේ වනවිට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව සාකච්ඡාවට ගැනෙන තීරණාත්මක සාකච්ඡාව මීට ටික වෙලාවකට පෙර ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

ලබන ජුනි මස 07 වනදා දක්වා සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේදැයි යන තීරණය මෙම සාකච්ඡාවේදී ගැනීමට නියමිතයි.

දැඩි සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුලදී ලබාදුන් සහන කාලය තුල ජනතාවගේ හැසිරීම සතුටුදායක මට්ටමක නොතිබූ බව ආරක්ෂක අංශ සහ වෛද්‍ය අංශ පෙන්වා දී තිබෙනවා.

මේ අනුව ආරක්ෂක සහ වෛද්‍ය අංශ අවධාරණය කරන්නේ ඉදිරියේදී ලබාදීමට නියමිත සංචරණ සීමා ලිහිල් කළ දින දෙක සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර මේ මොහොතේ ජනාධිපතිවරයා සහ කොවිඩ් කාර්ය සාධන බලකා සාමාජිකයින් අතර පැවැත්වෙන සාකච්ඡාවේදී මේ පිළිබඳව අවසන් තීරණයක් ගනු ඇති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *