BREAKING NEWS
Search

දැරියකගේ පැමිණිල්ලක් විභාග කරන්න ගිය සැරයන්වරයා කල කැත වැඩේ

668

පැමිණිල්ලක් විභාග කිරීමට තිස්සමහාරාම ප්‍රදේශයේ නිවසකට  ගොස් එහි සිටි 16 හැවිරිදී දැරියකට කාමරයක් තුළද ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහාරාම පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි සැරයන්වරයෙකි.

තිස්සමහාරාමයේ පදිංචි ඉහත දැරිය නිවස තුළ කලහකාරී ලෙස හැසිරෙන බවට ඊයේ 02 රාත්‍රියේ පොලිස් හදිසි ඇමතුම් අංශය 119 වෙත ලද දැනුම් දීමකට අනුව පොලිසියේ රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි ඉහත සැකකාර සැරයන්වරයා දැරියගේ නිවසට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

දැරිය උපකාරක පංතියකට යන බව පවසා ඇයගෙ පෙම්වතා සමග කිරින්ද ප්‍රදේශයට ගොස් ඇති බවට මවට සැලවීමත් සමඟම  ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීමේදී දැරිය නිවස තුළ කලහකාරී ලෙස හැසිරී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගෙන් තොරතුරු විමසීම සඳහා සැකකාර සැරයන් දැරිය රැඳී සිටි කාමරය වෙත ගොස් ඇය  සමග කතා කරමින් සිටින අතරතුර  ලිංගික අතවර කළ බවට පොලිස් ස්ථානය වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව සැකකාර සැරයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *