ටිකකට නැවතිලා ඉඳන් අහලා බලන්න ඒ කතාව… මේ කතාවේ අයිතිකාරිය කොළඹ පැත්තෙ කෙනෙක්. ජීවිතේ ම කරගත්ත සැමියාව ඇයට මුණ ගැහෙන්නෙ අහම්බෙන්.
“මම එයා ගැන ගොඩක් දේවල් දන්නෙ නෑ. මොකද ඉතින් බඳින්න හිටපු කෙනා වුණත්, එහෙම සම්පූර්ණයෙන් දැන කියා ගන්න බෑනේ. ඒ වුණත් මම දැනන් හිටපු එකම දේ.. එයා හරි හොඳයි.. එච්චරයි…”
“දවසක් අහම්බෙන් හැමදේම වුණේ. අපේ අහළ පහළ ගෑනූ අයගේ යට ඇඳුම් නැතිවෙන්න ගත්තා. ඒ කියන්නෙ ඔය ග්‍රීස් යකා ගැන ගොඩක් කතා යන කාලේ. හැබැයි මගේ ඒවා විතරක් අතුරුදහන් වුණේ නෑ. කොහොමත් මම ඕවා වැලේ දාලා තියෙන කෙනෙක් නෙවෙයි..”
“ඔහොම ඉතින් ගිහින් අපිත් නිතරම කතා වුණා ඔය ග්‍රීස් යකා ගැන. හැබැයි කාටවත් හොයාගන්න බැරිවුණා. ඔහොම දවසක් යද්දි මම කාමරේට, මම දැක්ක දේ දෙයියනේ.. ඇඟ හිරිවැටුණා. මට කෑගැහුණා..”
“මගේ හස්බන් යටඇඳුම් වගයක් අතේ තියන් ඉඹිනවා. දෙයියනේ කොච්චර අප්පිරියා හිතුණද දන්නවද මට.. මම එහෙම්මම කෑ ගහලා විකාරයක් කළා එතැන… පස්සෙ තමයි මට තේරුණේ හැමෝම හොයන ග්‍රීස් යකා වෙන කවුරුත් නෙවෙයි.මගේ හස්බන්… මට ඇත්තටම අවුල්.”
“හස්බන් කොච්චර තේරුම් කරන්න හැදුවත් මම ඇහුම්කන් දුන්නේනෑ. ලියුමකුත් ලියලා මම එයාව දාලා ආවා. ඒත් එයා මාව හොයාගෙන ආවා. මම කාටවත් මේක කිව්වෙත් නෑ මොකද එච්චර ලැජ්ජයි මට…”


















