BREAKING NEWS
Search

එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකුට මරු කැදවූ ගැටුම

1047

බද්දේගම, මද්දෙවිල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, තවත් 03 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මියගොස් ඇත්තේ, 32 හා 34 වියේ පසුවන සහෝදරයින් දෙදෙනෙකි.

මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ඇතිවු බහින් බස්වීමක් දුර දිග යෑම ඝාතනවලට හේතුව බව පොලීසිය සඳහන් කළේ ය.

තියුණු ආයුධවලින් පහරදීමෙන් ඔවුන් මිය ගොස් තිබේ.

තුවාල ලැබුවන් බද්දේගම හා කරාපිටිය රෝහල්වල ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේ ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *