BREAKING NEWS
Search

ත්‍රිවිධ හමුදාවෙන් පළාගොස් සිටින හමුදා සාමාජිකයින් වහාම අත්අඩංගුවට ගැනීමට නියෝගයක්

351

නීත්‍යානුකූල නොවන ලෙස ත්‍රිවිධ හමුදාවෙන් පළාගොස් සිටින සියලු සාමාජිකයින් වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග කළ බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සදහන් කළේ නිවේදනයක් නිකුත් කරමින්.

දැනට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වී නොමැති සියලු ත්‍රිවිධ හමුදා සෙබලුන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර ඇති බව සදහන්.

වෙනත් පුවත්

පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොණු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් නවයක් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

මෙම පෙත්සම් අද (24) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී වග උත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා පොලිස්පති ධුරයේ රාජකාරි ඉටු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බව පෙන්වා දුන්නා.

එම නිසා මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා කඩිනම් දින ලබාදෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාල පෙත්සම් මැයි මස 06, 07 සහ 08 යන දිනවල විභාගයට ගැනීමට දින නියම කළා.

කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් නවයක් ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව විසින් ඉදිරිපත් කළ නිර්දේශ නීතියට පටහැනි බවයි.

ඒ අනුව එම නිර්දේශ පදනම් කරගෙන තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *