BREAKING NEWS
Search

සරසවියේ ගැටුමකින් තුන්දෙනෙක් රෝහලේ

401

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තුවාල ලැබු සිසුන් තුන්දෙනකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන සහ තෙවන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන තිබූ බවයි පොලිසිය සදහන් කළේ.

බදුල්ල ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 9හි ප්‍රතිකාර ලබන මොවුන්ගේ මුහුණට තුවාල සිදු ව ඇති බවත් රෝහල් ප්‍රකාශයකු පැවසීය.

තාක්ෂණ පීඨයේ දෙවන සහ තෙවන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් විසදීමට ගිය එම පීඨයේම අවසන් වසරේ සිසුන් පිරිසක් මෙලෙස පහර කෑමට ලක්ව ඇති බව සදහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *