BREAKING NEWS
Search

ඇමරිකානු ජනපතිගෙන් ගෞරව උපාධියක් ගත් ශ්‍රී ලාංකික නාවිකයා

148

ඇමෙරිකාවේ වෙරළාරක්ෂක ඇකඩමියෙන් සමුද්‍රීය වාස්තුවිද්‍යා සහ සමුද්‍රීය ඉංජිනේරු ගෞරව උපාධියක් ලබා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ උප ලුතිනන්වරයෙකු (පළමු පන්තියේ ) වන විශ්ව ෆොන්සේකා මහතා සමත්ව ඇතැයි ඇමෙරිකාවේ වොෂිනටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

මෙහි වැදගත් සිදුවීම වූයේ ඔහුට හිමි උපාධිය සහතිකය ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් මහතා අතින් ඉකුත් 19 වන දින ලබා ගැනීමට හැකිවීම බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

2015 වසරේ ජූනි 03 වැනිදා ශ්‍රී ලංකා නාවික හමුදවට එක්වූ උප ලුතිනන් විශ්ව ෆොන්සේකා මහතා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

ඇමෙරිකාවේ කනෙක්ටිකට් හි නිව් ලන්ඩන් හි එක්සත් ජනපද වෙරළාරක්‍ෂක ඇකඩමියේ උපාධි ප්‍රධානෝත්සවය ඉකුත් 19 වැනිදා ඇමෙරිකා ජනාපධිපතිගේ ප්‍රදානත්වයෙන් පැවත්වූ අතර එහි ප්‍රධාන දේශනයද ඇමරිකා ජනාධිපතිවරයා විසින් පවත්වනු ලැබීය.

මෙම උත්සවය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක හා තානාපති කාර්යාලය නියෝජනය කළේ වොෂිංටන් ඩී.සී. තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක එයාර් කොමදෝරු සම්පත් වික්‍රමරත්න විසිනි.

01.

02.

03.

04.

05.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *