අනුරාධපුර ජේතවනාරාමයේ අසල බැස්ටියන් විශ්‍රාම ශාලාව අසළ නවතා තිබූ බස්රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වී තිබෙනවා.
මෙම ගින්නෙන් එහි නිදා සිටි පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.
බලංගොඩ සිට අනුරාධපුර පුජා නගරයේ වන්දනාව සදහා මෙම බස් රථය පැමිණ තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

















