BREAKING NEWS
Search

මිද්දෙණියේ පියා, දියණිය සහ පුතු ඝාතනයට පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

551
මිද්දෙණිය – කඩේවත්ත මන්සන්ධියේදී පියා සහ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පොලිස් කොස්තාපල්වරයෙකු ද සිටින බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

පසුගිය 18 වැනිදා සිදුවූ අදාළ වෙඩි තැබීමෙන් 39 හැවිරිදි පියා, 06 හැවිරිදි දියණිය සහ 07 හැවිරිදි පුත්‍රයා මියගොස් තිබුණා.

සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වී තිබුණේ, මෙම වෙඩි තැබීම ඩුබායි රාජ්‍යයේ රැදී සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් මෙහෙයවා තිබූ බවටයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *