BREAKING NEWS
Search

අලුත්කඩේ රත්කළ රටම කථා වූ ගණේමුල්ල සංජීවගේ ඝාතන ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

4561

ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සඳහා නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්වලාගෙන පැමිණි දෙදෙනා ගැන කරුණු අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.‍

අද (19) දහවල් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පවසා සිටියේ, අදාළ ඝාතනය සඳහා රිවෝල්වරය රැගෙන ආ බව පැවසෙන කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“වෙඩික්කරු වගේම ඒ සඳහා සහාය දැක්වූ රිවෝල්වරය රැගෙන පැමිණි කාන්තාවත් මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. ඔවුන් රටින් පැනයාම වැළැක්වීම සඳහා මේ වනවිට ගුවන්තොටුපොළ වෙත අවශ්‍යකරන දැනුම්දීම් සියල්ල සිදුකර තියෙන්නේ.

එම කාන්තාවත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක්. ඒ සියලු දෙනා හඳුනාගෙන අදාළ විමර්ශන සිදුකරනවා. අපට කෙටි කාලයක් තුළ මේ විමර්ශන අවසන් කරලා අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න හැකිවෙයි”.

මිනිමැරුම්, කොල්ලකෑම, කප්පම් ලබාගැනීම, ගිනි අවි සන්තකයේ තබා ගැනීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ගණේමුල්ලේ සංජීව අද (19) අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට රැගෙන ආ අවස්ථාවේදී අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී සිදුකළ වෙඩිතැබීමකින් ඝාතනය විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *