මංගල පෙරහරේ ගමන් කරමින් සිටි මනාලයෙක් හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා..
ඒ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ෂියෝපූර් දිස්ත්‍රික්කයෙන්..
ප්‍රදීප් ජැට් නම් වූ මෙම මනාලයා අශ්වයා පිට නැග විවාහ මංගල්‍ය පෙරහැර සමඟ විවාහ මංගල්‍යයට ඇතුළු වෙමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ දී තිබෙනවා..
මනාලයා විවාහ මංගල්‍යයට අශ්වයා පිට නැගී විවාහ මංගල්‍යයට ඇතුළු වීමට පෙර පිරිස සමඟ නර්තනයේ යෙදෙමින් සිටින අතර අනෙක් පිරිස නටමින් සිටියදී, මනාලයා හදිසියේම අශ්වයා මත ඇද වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ..
ඔහුව ෂියෝපූර් දිස්ත්‍රික් රෝහලට ගෙන ගිය අතර, වෛද්‍යවරු පැමිණෙන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..




















