BREAKING NEWS
Search

පාසලක ගැටුමක් – සිසුවියන් ඇතුළු 11ක් රෝහලේ

1147

බෝමිරිය ප්‍රදේශයේ පාසලක අද (11) පස්වරුවේ පැවති ශිෂ්‍ය භට පුහුණුවීමක් අතරතුර දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් සිසුවියන්ද ඇතුළු 11 දෙනෙකු නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර තිබේ.

විද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසූවේ ආදි ශිෂයෙකු සමග විදුහලට ඇතුළු වූ පිටස්තර පිරිසක් සිසුන් සමග ගැටුම ඇතිකරගත් බවය.

සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

වෙනත් පුවත්

වීසා නැති 13ක් පිටුවහල් කරයි

සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(11) නියෝග කළේය.

ආගමික හා විගාමික පනත උල්ලංඝනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වන චූදිතයන්ට සිරදඬුවම් පැමිණ විය යුතු වුවත්, චූදිතයින් විසින් සිය වරද මුල් අවස්ථාවේදීම අධිකරණය හමුවේදී පිළිගැනීම සහ වීසා සකස් කර ගැනීම යන කරුණු සලකා බැලීමෙන් පසුව මෙම පිටුවහල් කිරීමේ නියෝගය නිකුත් කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය .

චුදිතයන්ගේ නම් අසාදු ලේඛනයට ඇතුළත් කරන ලෙසට ආගමන හා විගමන නිලධාරීවරයාට නියෝගයක් ද නිකුත් කළේය.

එක් එක් සැකකරුවන්ට රුපියල් පනස් දහස බැගින් ලක්ෂ 650 දඩයක්,එම දඩය නොගෙවන්නේ නම් එක් චූදිතයෙකුට අනිවාර්යයෙන් මාස හයක සිර දඬුවමක් නියම කරන බවද නියෝග කළේය. එක් එක් චූදිතීන්ට වසරක සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් වූ කරුණු අනුව එම සිර දඬුවම වසර පහකට අත්හිටවන බව දන්වා සිටියේය.

දඩය ගෙවීම අනිවාර්ය බවද සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *