BREAKING NEWS
Search

හෙටත් විදුලිය කප්පාදු කරනවාද ? මණ්ඩලයේ තීරණය මෙන්න

295

හෙට (12)  දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

නමුත් අද (11) දින‍යේ විදුලි කප්පාදුවේ වේලාවන් වෙනස් වී ඇති බවයි එම මණ්ඩලය පවසන්නේ.

ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් එක් කරන නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසා සිටියේ.

පානදුර විදුලි උප පොළේ ඇති වූ හදිසි දෝෂයක් සමග පසුගිය 09 වැනිදා දහවල් 11.15ට පමණ සමස්ත දිවයිනේම විදුලි සැපයුම බිඳවැටුණු අතර බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කළේ පානදුර විදුලි උප පොළේ ට්‍රාන්ස්ෆෝමරයක වඳුරෙකු ගැටීම මෙම විදුලිය බිඳවැටීමට හේතුවූ බවයි.

වඳුරෙකු ගැටීම නිසා ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි පද්ධතිය බිඳවැටීමේ ප්‍රවෘත්තිය විදෙස් මාධ්‍ය රැසකම වාර්තාකරනු ලැබුවා.

දිවයින පුරා විදුලිය බිඳවැටීමත් සමග නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක වීම හේතුවෙන් එහි ජනන යන්ත්‍ර 3ම අක්‍රිය වුණා.

එම ජනන යන්ත්‍ර 3 සක්‍රිය කරගැනීමට දින 04ක් පමණ ගතවීම හේතුවෙන් එතෙක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඊයේ දහවල් පැවැති සාකච්ඡාවකදී තීරණය කළා.

ඒ අනුව ඊට අදාළ විදුලි කප්පාදු යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට යොමු කෙරුණු අතර එම කොමිසම ඊට අනුමැතිය ලබාදී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *