BREAKING NEWS
Search

යුද්දෙට රුසියානු ගිය 59ක් මැරිලා – ඒ ගැන ඇසෙන භය හිතෙන කතාව

38

රුසියන් හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකික තරුණයන්ගෙන් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

ඔහු එම නාම ලේඛනය සභාගත කළේය.

ශ්‍රී ලාංකිකයන් 554 දෙනකු රුසියානු හමුදාව සමග එක්වී සිටින බවත් ඔවුන් කිසිවකු බලහත්කාරයෙන් බඳවාගෙන නොමැති බවත් අමාත්‍යවරයා කීවේය.

එම පිරිසට මෙරට සිටින ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය පහසුකමක් සලසා දෙන්නැයි  රුසියානු රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් දී ඇති බව විජිත හේරත් මහතා පැවසීය.

ඒ තරුණයන් මුදවා ගෙන දිවයිනට කැඳවා ගැනීමට උත්සාහ දරන බවද ඔහු කීවේය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී   සිව ඥානම් සිරිතරන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *