BREAKING NEWS
Search

ශ්‍රීපාද වන්දනාවේ ගිය තරුණ යුවලක් නාද්දි තරුණයාට සිදුවූ කිසිවෙකු නොසිතූ සිදුවීම

4116

ශ්‍රි පාද වන්දනාවේ පැමිණ සිය බිරිද සමග සීත ගගුලේ දිය නැමට ගිය පුද්ගලයෙකු (06) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.පි.එස්.විරසේකර මහතා පවසනවා.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ පස්සර ප්‍රදේශයේ සිට බිරිද ඇතුළු නඩයක් සමග ශ්‍රි පාද වන්දනාවේ පැමිණි රුවන් චතුරංග නම් 34 හැවිරිදි පුද්ගලයෙක්.

ජිවිතක්ෂයට පත් පුද්ගලයා (05) දින ශ්‍රි පාද වන්දනාවේ පැමිණ (06) දින උදැසන නල්ලතන්නිය රථ ගාල වෙත පැමිණෙන අවස්ථාවේ ශ්‍රි පාද රක්ෂිතයේ සිට මවුස්සාකැලේ ජලාශය දක්වා ජලය ගලා බසින සීත ගගුලේ සිය බිරිද සමග දිය නෑමට ගොස් එම ස්ථානයේ කාන්තාවන් විශාල පිරිසක් දිය නාමින් සිටි නිසා බිරිදට එම ස්ථානයේ දිය නෑම සිදු කරන ලෙසට පවසා ජිවිතක්ෂයට පත් පුද්ගලයා ඊට ඉහල ප්‍රදේශයට ගොස් දිය නෑමට ජලය බැස ඇති බවයි වාර්තා වන්නේ.

දිය නෑමට ගිය තම සැමියා නොමැති බවට බිරිද විසින් නල්ලතන්නිය පොලිසිය වෙත දැනුම් දීමෙන් පසු නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් විසින් අතුරුදහන් වු පුද්ගලයා සොයා සිදු කල මෙහෙයුමකදි ඔහුගේ සිරුර සීත ගගුගේ තිබි හමු වි තිබේ.

මල සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදු කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *