ආන්දෝලනාත්මක විද්‍යා ඝාතන නඩුවේ මරණ දඬුවමට එරෙහි අභියාචනා ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න

356
2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ පාසල් සිසුවියක වූ සිවලෝගනාදන් විද්‍යා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

මෙම අභියාචනා අද ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අභියාචනා විභාග කිරීම සඳහා දින නියම කරන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ අභියාචනා පෙත්සම් අගෝස්තු මස 25 වැනිදා විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළා.

2015 වසරේ යාපනයේ පාසල් සිසුවියක වන සිවලෝගනාදන් විද්‍යා පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් හත් දෙනෙකුට යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණීය දණ්ඩනය නියම කළා.

ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් තමන්ට එම දඩුවම් නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් මහාධිකරණ තීන්දුව අහෝසි කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් විසින් මෙම අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *